මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණි. එහිදී සිව්වන සාක්ෂිකරුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අවසන් වීමෙන් අනතුරුව, නඩු විභාගය ඔක්තෝබර් 09 වැනි දිනට කල් තැබීමට තීරණය විය.මෙම නඩු විභාගයේදී විශේෂ අවධානයක් දිනාගත් සිව්වන සාක්ෂිකරු, මීට පෙර පළමු විත්තිකරුගෙන් එල්ල වූ බලපෑම් හා මරණ තර් නිසා සාක්ෂි වෙනස් කිරීමට සිදුවූ බව අධිකරණය හමුවේ අනාවරණය කළේය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ සාක්ෂි විමසීම මේ වන විට සාර්ථකව අවසන් කර තිබේ.ඉන් අනතුරුව, විත්තියේ නීතිඥවරුන් තිදෙනෙකු විසින් අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ අතර, එහි ඉදිරි ප්‍රශ්න කිරීම් ලබන 09 වැනි දින සිදු කිරීමට නියමිතය. නඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙම සාක්ෂිය ඉතා තීරණාත්මක වී ඇත.



























