ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි කාලයේදී වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින අතර, අනුරාධපුරය සහ මන්නාරම යන ප්‍රදේශවලට සැහැල්ලු වැසි බලාපොරොත්තු විය හැකියි.​වැසි තත්ත්වයට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසක සුළඟේ වේගය ඉහළ යාමේ හැකියාවක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුර, උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් දක්වා වැඩි විය හැක. සෙසු පළාත්වල ද පැයට කිලෝමීටර් 30-40ත් අතර මධ්‍යස්ථ වේගයකින් හමන තද සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ.​මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන ප්‍රබල සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා විදුලි උපකරණ භාවිතයේදී සහ එළිමහනේ රැඳී සිටීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙස ද කාලගුණ අංශ අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,187

Leave A Reply

Your email address will not be published. Required fields are marked *