ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) උදෑසන අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 68 වැනි වියේ පසුවූ ඇය, ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.​බටහිර ආරේ වේග රිද්ම ගීත ගායනයට සුවිශේෂී දක්ෂතාවක් දැක්වූ ඇය දශක ගණනාවක් පුරා මෙරට රසික හදවත් දිනාගත් ආදරණීය කලාකාරිනියකි. ‘කැන්ඩි ලමිස්සී’, ‘රහසයි සොඳුරු ජීවිතේ’, ‘සිහින නෙළුම්මල්’, ‘කුමරාණනේ’ සහ ‘පහන් නොවන රැයක’ ඇතුළු අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් සංගීත ක්ෂේත්‍රයට දායාද කර ඇත.​ප්‍රසංග වේදිකාවේ මෙන්ම මෙරට සංගීත කලාවේ නොමඳ ආදරයක් දිනූ මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,229

Leave A Reply

Your email address will not be published. Required fields are marked *