ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු මේ ඉරිදා

දශක ගණනාවක් කලා ක්ෂේත්‍රයට මෙහෙවර කළ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.​වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වූ රහල් බුලත්සිංහල මහතා දීර්ඝ කාලයක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දිවි සැරිය නිමා කර තිබේ. මියයන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවූ අතර, ඒ මහතාගේ බිරිඳ වන්නේ ‘කෝපි කඩේ දයාවතී’ ලෙස ජනප්‍රිය වූ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියයි.​දශක ගණනාවක රංගන ජීවිතය තුළ වේදිකා නාට්‍ය අතර ජනප්‍රිය වූ “පාතාලය සොල්දාදුවෝ” සහ “බයිසගේ වාඩිය” වැනි නිර්මාණ රැසකට ඔහු දායක විය. මීට අමතරව “මහින්දාගමනය”, “රෝදේ”, “මල්මාලා” වැනි සිනමා පටවලට මෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් “නාඩගම්කාරයෝ” ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ද ඔහු රංගනයෙන් දායක වී ඇත.​ඒ මහතාගේ දේහය අද (23) පෙරවරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *