ප්‍රහාරයක් ගැන පැතිරෙන පුවත් පොලිසිය ප්‍රතික්ෂේප කරයි

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කරන බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පුවත් ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි. ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය (TID) විසින් ජා-ඇළ ප්‍රදේශයේදී මෝදර පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සත්‍යයක් වුවද, ඔහු කිසිදු ත්‍රස්තවාදී කුමන්ත්‍රණයකට සම්බන්ධ අයෙකු නොවන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.​පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ අදාළ සැකකරු සාමාන්‍ය අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු මිස බෝම්බ ප්‍රහාර සැලසුම් කරන්නෙකු නොවන බවයි. වැරදි තොරතුරු මත පදනම්ව මෙම පුවත මුලින් ප්‍රචාරය වී ඇති අතර, වර්තමාන විමර්ශන මගින් ඔහු අපරාධ කල්ලි ක්‍රියාවලට සම්බන්ධ බවට කරුණු හෙළි වී තිබේ. එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,106

Leave A Reply

Your email address will not be published. Required fields are marked *