ප්ලාස්ටික් හා කිරි බෝතල් ප්‍රමිතිගත කිරීමේ නීති දැඩි කෙරේ

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික සංඛ්‍යාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. පසුගිය සතිය තුළ සිදුකළ පරීක්ෂා කිරීම් 144ක් තුළ මෙම වැටලීම් සිදුකර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වේ.​අදාළ ගැසට් නිවේදනයට අනුව, ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් සැදි ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද අනිවාර්ය කර ඇත. එම නිසා මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී ලේබල් සහ තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර, සැකකටයුතු තොරතුරු සඳහා 1977 අංකය ඔස්සේ අධිකාරිය සම්බන්ධ කරගත හැක.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *