​පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

මෙරට වෙළෙඳපොළේ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට සිට පාන් ගෙඩියක නව මිල රුපියල් 130ක් වනු ඇත. මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ නංවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.​මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ රජය විසින් පසුගිය දිනවල ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගැනීම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වී තිබේ. ඉන්ධන මිල ඉහළ යාම නිසා නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,099

Leave A Reply

Your email address will not be published. Required fields are marked *