පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට (03) දිනට නියම කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (02) මෙම පෙත්සම කැඳවන ලදී.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ වැඩිදුර කරුණු දැක්වීම වෙනුවෙන් නඩුව හෙට දින නැවත කැඳවීමට අධිකරණය නියෝග කළේය.



























