පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී දුර්ලභ ගණයේ ගල් ඉබ්බන් දස දෙනෙකු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම වයස අවුරුදු 26ක පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මෙම සතුන් ජාවාරම් කිරීමේ අරමුණින් තබාගත්තේ ද යන්න පිළිබඳව පුත්තලම පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.






















