අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ආයුර්වේද වෛද්යාචාර්ය අතිපූජ්‍ය කැප්පෙට්ටියාවේ සුධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ. බලපිටිය මහ රෝහලේදී අපවත් වූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (26) මහ ඉඳුරුව සීලයන්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.ශාසනික සේවයට මෙන්ම දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුවට උන්වහන්සේ සිදු කළ මෙහෙවර ප්‍රශංසනීය වේ.



























