මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය නිමිත්තෙන් පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600 දෙනෙකුගේ සහභාගිත්වයෙන් විශේෂ ජාතික වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ ක්‍රියාත්මක විය.දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි පිරිස වෙනුවෙන් මෙහිදී විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය. එහිදී පෙර පාසල් දරුවන්ගේ සමාජීය හා චිත්තවේගීය සංවර්ධනයට අදාළව, ඔවුන්ට අවශ්‍ය සුදුසු පෝෂක පරිසරයක් නිර්මාණය කර දිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.ඇට්ලස් ඇක්සිලියා ආයතනයේ අනුග්‍රාහක දායකත්වය මත පැවැත්වුණු මෙම රාජ්‍ය උත්සවය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද එක්ව සිටියාය. මීට අමතරව තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.























