පේරාදෙණිය – කොළඹ දුම්රිය ධාවනය ඔක්තෝබර් මාසයේදී යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාල වී ඇති පේරාදෙණිය – කොළඹ දුම්රිය ධාවන කටයුතු ලබන ඔක්තෝබර් මාසයේදී යළි ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මෙම කුණාටු තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97ක් පමණ දැඩි ලෙස නායයෑමට ලක්වූ අතර, ඒ අතරින් බරපතල හානි සිදුවූ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වන කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. අදාළ ඉදිකිරීම් කටයුතු මෙරට කාලසටහනට අනුව මේ මස 15 වැනි දින වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිත බව ව්‍යාපෘති ඉංජිනේරුවෝ සඳහන් කරති.​පේරාදෙණිය කළු පාලම හෙවත් යකා පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වන අතරතුර මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් යන්ත්‍රසූත්‍ර ජලයේ යටවීමෙන් සුළු බාධාවක් මතු වුවද, එම දුෂ්කරතා මඟහරවා ගනිමින් කඩිනමින් වැඩ අවසන් කිරීමට පියවර ගෙන ඇත. මෙම සියලු අලුත්වැඩියා කටයුතු සාර්ථකව අවසන් කර මහනුවර සිට කොළඹ දක්වා වන දුම්රිය ගමනාගමනය නුදුරේදීම සුපුරුදු පරිදි ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *