පොලිස් සේවාවන් ගැන අදහස් දැක්වීමට නව QR ක්‍රමවේදයක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල සේවාවන් පිළිබඳව මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම සඳහා “ශ්‍රී ලංකා පොලිස් ප්‍රජා ප්‍රතිචාර ද්වාරය” (Sri Lanka Police Community Feedback Portal) නමින් නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම පද්ධතිය මගින් පුරවැසියන්ට ඉතා පහසුවෙන් සහ කඩිනමින් පොලිස් සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ තම අදහස් බෙදාහදා ගැනීමට අවස්ථාව උදා වේ.​දැන් මහජනතාවට පොලිස් ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් අදාළ ද්වාරයට ක්ෂණිකව පිවිසිය හැකිය. යම් අයෙකුට පොලිස් ස්ථානයට නොගොස් වුවද, පොලිසියේ නිල වෙබ් අඩවිය (www.police.lk) ඔස්සේ ‘E-Services’ කොටස හරහා මෙම පහසුකම භාවිතා කළ හැක. තම පුද්ගලික තොරතුරු සහ පැමිණීමට හේතුව ඇතුළත් කරමින්, පැසසුම් හෝ යෝජනා ඕනෑම කාණ්ඩයකින් යොමු කිරීමට පරිශීලකයින්ට හැකියාව ඇත.​පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ජනතාවගේ ප්‍රතිචාර දත්ත මත පදනම්ව විශ්ලේෂණය කිරීම මගින් පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බවයි. මේ සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, තම ස්ථානවල මෙම QR පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාව දිරිමත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දන්වා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,192

Leave A Reply

Your email address will not be published. Required fields are marked *