බංගලාදේශ බොක්කේ ඇතිවූ පීඩන අවපාතය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයටද තද වැසි ඇතිවිය හැකි බවට පවසමින් ‘තැඹිලි’ පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දැනට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (26) අලුයම 3.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (27) අලුයම 5.30 දක්වා බලපැවැත්වෙන අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම, සඳහන් කළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,396

Leave A Reply

Your email address will not be published. Required fields are marked *