බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්

කොස්ටාරිකාවේ බන්ධනාගාරයක් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් රැගෙන ගොස් තිබේ.

එම බළලා සිරුරේ බැඳ එම මත්ද්‍රව්‍ය පාර්සලය බන්ධනාගාරය වෙත යවා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

එම මත්ද්‍රව්‍ය රාජසන්තක කර ඇති අතර බළලාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ජාතික සත්ත්ව සෞඛ්‍ය සේවයට භාර දී තිබේ. 

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *