බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ. දෙපාර්තමේන්තුවේ තොරතුරු නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමේ වගකීම ඉදිරියේදී ඔහු විසින් හොබවනු ඇත.​මීට පෙර එකී ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඒ.සී. ගජනායක මහතා විසිනි. ඒ අනුව එම තනතුරේ සිදුවූ වෙනස්වීමත් සමඟ සේනක පල්ලේතැන්න මහතා නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩබාරගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,277

Leave A Reply

Your email address will not be published. Required fields are marked *