සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” නමැත්තා ඩුබායි සිට අද (25) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් මොහුව මෙලෙස රටට ගෙනැවිත් ඇත.පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙරට විමර්ශන අංශ ලබා දුන් තොරතුරුවලට අනුව, ඩුබායි පොලිසිය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව ඔහුව දිවයිනට රැගෙන ඒම සඳහා අදාළ නිලධාරීන් පිරිසක් පසුගිය දිනවල ඩුබායි වෙත පිටත්ව ගොස් තිබුණි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා පැය 72ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති බවයි. මේ යටතේ අපරාධ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.



























