සුරේෂ් සල්ලේගේ පෙත්සම සම්බන්ධ අභියාචනාධිකරණයේ තීරණය ඔක්තෝබර් 7 වන දින

හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සල්ලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමකට අදාළව ගොනු කර ඇති මැදිහත්වීමේ පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කරන්නේද යන්න ලබන ඔක්තෝබර් මස 07 වන දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තාවකාලිකව රඳවා තබා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.​මෙම පෙත්සමට අදාළව ඉදිරිපත් වූ මැදිහත්වීමේ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී. ඒ අනුව, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 12ක් මෙම නඩුව සඳහා මැදිහත්වීමේ පෙත්සම් ගොනු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *