බැකෝ සමන්ගේ මවගේ ඝාතනයට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත, එම අපරාධයට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි 24 හැవిරුදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට මිද්දෙනිය පොලිසිය වෙත භාර දී ඇත.​පසුගිය 12 වැනි දින මිද්දෙනිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබූ අතර, ඉන් අනතුරුව පසුගිය 19 වැනි දින අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 21 හැవిරුදි තරුණයෙකු රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබිණි. එම ප්‍රධාන සැකකරු ඊයේ (23) වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන සැප්තැම්බර් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.​මෙම ඝාතන සිද්ධිය පිටුපස සිටින පිරිස් සහ ඊට සම්බන්ධ වැඩිදුර සාක්ෂි අනාවරණ කර ගැනීම සඳහා මිද්දෙනිය පොලිසිය විසින් පුළුල් පරීක්ෂණ මාලාවක් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,299

Leave A Reply

Your email address will not be published. Required fields are marked *