කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) උදෑසන 8.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලය තුළ සිදුවූ අනීතික ක්‍රියාකාරකම් කිහිපයකට විරුද්ධ වීම නිසා බී.එච්. මීගස්දෙණිය මහතා මෙලෙස පළවා හැර ඇති බව එම සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් වෙත වරින් වර දැනුම් දුන්නද, මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලබා දීමට ඔවුන් කටයුතු කර නැත.



























