බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, අන්දමන් ප්‍රදේශයට වන්නට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් නොමැති වුවද, ඒ වෙත යොමුවන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැක.​බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැක. එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක තරමක තද මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,341

Leave A Reply

Your email address will not be published. Required fields are marked *