නුවරඑළිය ප්‍රදේශයේ සිදුවූ භෞත චිකිත්සකවරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකුගෙන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ. මෙලෙස රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ලක්වන්නේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනය සඳහා ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකි.මෙහි ප්‍රධාන සැකකාර අඹුසැමි යුවළ වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයකින් පලා යමින් සිටියදී, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් යාපනය, කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාර දී ඇති අතර, අපරාධයට සහය දැක්වූ ප්‍රාදේශීය සභා රියදුරාවද නුවරඑළිය පොලිස් කණ්ඩායමක් විසින් වෙනමම සිදුකළ මෙහෙයුමකදී කොටුකර ගැනීමට සමත්ව ඇත.මෙම සාහසික ක්‍රියාවට වක්‍රව සම්බන්ධ වූ බවට සැකකෙරෙන ආරක්ෂක අංශ නිලධාරියෙකු පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය මේ වන විට විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.



























