මට්ටක්කුලිය පොලිස් වසමේ ගංගාරාම මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත් විය. අත්අඩංගුවට පත් සැකකරු 23 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 199 යි මිලිග්‍රෑම් 680ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 170ක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



























