මට්ටක්කුලිය මාරක රිය අනතුර: රියදුරු රිමාන්ඩ්

මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය. සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙකි.​පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි. වත්තල දෙස සිට අන්ත වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කරගත නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *