රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්ද්රව්ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ මෙරටට එවා තිබියදී කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී රේගු මත්ද්රව්ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව යන රටවල සිට මෙරට විවිධ ප්රදේශවල ව්යාජ ලිපිනයන් වෙත එවා තිබූ පාර්සල් 09ක් තුළ කුෂ්, හෂීෂ්, කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්රව්ය සඟවා තිබී ඇත. මෙම පාර්සල් භාරගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් කළ සෙවීම්වලදී ලිපිනයන් ව්යාජ බවට තහවුරු වී තිබේ.අනතුරුව පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී මෙම පාර්සල් විවෘත කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය කොළඹ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදී ඇත.



























