ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මහනුවර ‘ඇසළ පෙරහැර’ සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා ලබා දීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ සීමා කිරීමක් පැනවීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි.සංස්කෘතික උත්සව සඳහා අත්‍යවශ්‍ය පහසුකම් අඛණ්ඩව සපයන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක උපදෙස් ලබා ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ කටයුතු දැනටමත් සිදු වෙමින් පවතින බවත්, එහි කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.”දළදා පෙරහැර හෝ වෙනත් ආගමික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ සීමා කිරීමක් පැනවීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අවධාරණය කළ යුතුය. එවැනි කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් අඛණ්ඩව සපයනු ලැබේ,” යනුවෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



























