ලෝක ජනාවාස දිනයට සමගාමීව මහියංගන සහ රිදිමාලියද්ද ප්‍රදේශවල නව නිවාස 06ක් ජනතා අයිතියට පත් කර ඇත.”තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ දඹාන, බෙලිගල්ල, තලංගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම නිවාස නිල වශයෙන් භාර දෙන ලදී.රජයේ ලක්ෂ 10ක මූල්‍යාධාර සහ තාක්ෂණික දායකත්වයට අමතරව ප්‍රතිලාභීන්ගේ සහ ප්‍රජාවේ ශ්‍රම දායකත්වයෙන් නිමවා ඇති මෙම එක් නිවසක් සාලය, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත වේ.



























