මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිරිගිරිය ආසන බල මණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා සම්බන්ධයෙන් පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. පොළොන්නරුව අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඉකුත් 7 වනදා හිඟුරක්ගොඩ, දොරදෙක හන්දිය ප්‍රදේශයේදීය. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු සහ සැකකාරිය පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගැනීමට හැකිව තිබේ.අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයාගෙන් රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි විමර්ශන පවත්වයි.



























