මිග් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා පැමිණ තිබේ.​අදාළ ගනුදෙනුවට අදාළව අවශ්‍ය ප්‍රකාශයක් ලබාගැනීමේ අරමුණින් ඔහු මෙම ආයතනය වෙත කැඳවා ඇති අතර, එහිදී විමර්ශන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් තොරතුරු සටහන් කරගනු ලැබීය.​මීට පෙර අවස්ථාවකදීද මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද අදාළ විමර්ශන අංශය වෙත ගොස් ප්‍රකාශ ලබා දී තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *