රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සියෙරා ලියෝන් සිට දෝහා හරහා දිවයිනට පැමිණ ඇති මෙම සැකකරුගේ මුල් ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී සැකකටයුතු කිසිවක් හමු වී නොමැති අතර, එම අවස්ථාවේ ඔහුගේ අනෙක් ගමන් මල්ල ගුවන් යානයෙන් පැමිණ නොතිබීම හේතුවෙන් ඔහු මුලින් ගුවන්තොටුපළෙන් පිටව ගොස් තිබේ.පසුව මෙරටට රැගෙන ආ එම ප්‍රමාද වූ ගමන් මල්ල භාර ගැනීම සඳහා මොහු යළි ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. එහිදී ගමන් මල්ල නිදහස් කර ගැනීමට පෙර රේගු නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂාවකදී, එය තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 198ක කොකේන් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු සහ අත්පත් කරගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.























