මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව නීති ගෙනෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි

ආනයන ගෙවීම්වලට මුවා වෙමින් විවිධ වංචනික ක්‍රම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 85ක වැනි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නීති විරෝධී ලෙස රටින් පිටතට ගලා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇතැම් සමාගම් මැදිහත් වී සිදුකර ඇති මෙම මූල්‍ය වංචා හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතයට බරපතල හානි සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.​මෙලෙස වංචනික ගනුදෙනු මඟින් විදේශ විනිමය පිටරටට ඇදී යාම පාලනය කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති තවදුරටත් දැඩි කිරීමට රජය තීරණය කර ඇත. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීති රාමුව ශක්තිමත් කරමින් ඉදිරියේදී නව නීති සංශෝධන රැසක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි.​රටේ ආර්ථික සුරක්ෂිතභාවය සහ මූල්‍ය විනය තහවුරු කිරීම අරමුණු කරගත් මෙම නව සංශෝධන ඔස්සේ සැක සහිත මූල්‍ය ගනුදෙනු වඩාත් කාර්යක්ෂමව නිරීක්ෂණය කිරීමට හැකිවේ. එමෙන්ම මෙවැනි ජාතික මට්ටමේ මූල්‍ය අපරාධවල නිරත වන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද මෙමඟින් මඟ පෑදෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,190

Leave A Reply

Your email address will not be published. Required fields are marked *