මුල් මාස පහේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි

2026 වසරේ ගතවූ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රය කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත සහ අනෙකුත් අංශවල ඇස්තමේන්තුගත වාර්තාවලට අනුව, ජනවාරි සිට මැයි දක්වා කාලසීමාවේදී භාණ්ඩ හා සේවා අපනයනවලින් උපයා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,393.39 කි. මෙය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 7.56ක සාධනීය වර්ධනයක් පෙන්නුම් කිරීමකි.​මෙම සමස්ත ආදායමෙන් වෙළඳ භාණ්ඩ අපනයන අංශය සියයට 7.63ක වර්ධනයක් සනිටුහන් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5,758.44ක මුදලක් උපයා දී ඇත. සේවා අපනයන ක්ෂේත්‍රය ද ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 7.31ක ප්‍රගතියක් සහිතව අමෙරිකානු ඩොලර් මිලියන 1,634.95ක ආදායමක් මෙරටට ගෙනවිත් තිබේ.​මැයි මාසය තුළ පමණක් මෙරට අපනයන ආර්ථිකය වේගවත් වර්ධනයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව 2026 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 18.25කින් සහ සේවා අපනයන ක්ෂේත්‍රය සියයට 18.67ක ඉහළ අගයකින් වර්ධනය වී ඇති බව නිල දත්ත වාර්තා මඟින් පැහැදිලි වේ.

What's your reaction?

Related Posts

1 of 1,203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *