මෙරට පුරාවිද්‍යා විෂය පථය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ විද්වතකු වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 86 වන වියේ පසු වූ ඒ මහතා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස ද වටිනා සේවයක් ඉටුකළ අයෙකි. ලක්දුසිංහ මහතා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ගෞරව උපාධියක් මෙන්ම පශ්චාත් උපාධියක් ද දිනාගත් ප්‍රථම විද්‍යාර්ථියා ලෙස ඉතිහාසයට එක්ව සිටීම සුවිශේෂී වේ.සිය විෂය දැනුම මෙරටට පමණක් සීමා නොකළ ඔහු විදේශීය රටවල් රැසක අධ්‍යාපනය හදාරමින් පශ්චාත් උපාධි රැසක් හිමිකරගෙන තිබූ අතර, ශාස්ත්‍රීය කෘති ගණනාවක් ජාතියට දායාද කළේය. හුදු පර්යේෂකයෙකුට පමණක් සීමා නොවූ ලක්දුසිංහ මහතා කවියෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම වාමාංශික දේශපාලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ද සමාජ ප්‍රගමනය උදෙසා සිය හඬ අවදි කළ බුද්ධිමතෙකි.අභාවප්‍රාප්ත ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ වේයන්ගොඩදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට කැපවූ මේ ශ්‍රේෂ්ඨ විද්වතාගේ නික්ම යාම සමස්ත ශාස්ත්‍රීය ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවකි.
























