බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය ජූලි 23 වැනි දින යාපනයේ සංචාරයක නිරත වෙමින්, ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි කච්චේරි ගොඩනැගිල්ල නිරීක්ෂණය කළේය. පෞරාණික වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් පිරිපහදු වී ඇති එහෙත් මේ වන විට විනාශ වෙමින් පවතින මෙම ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් සහ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.























