යුපුන් අබේකෝන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියෙන් සමුගනියි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සස්නක් සටහන් කළ රටේ වේගවත්ම ධාවන ශූරයා වන යුපුන් අබේකෝන්, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.​මව්බිමට තවදුරටත් කිසිදු ණයක් නැති බවත්, එහෙත් ලෝකය හමුවේ ණයගැතියෙකු ලෙස තමා ක්‍රීඩාවට සමුදෙන බවත් ඔහු සඳහන් කර ඇත්තේ ඉතා හැඟුම්බර සටහනක් තබමිනි. සිය ක්‍රීඩා ගමන සාර්ථක කර ගැනීමට සහය වූ පවුලේ අයට, පුහුණුකරුවන්ට, යුද හමුදාවට, මලල ක්‍රීඩා සංගමයට මෙන්ම මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට ඔහු මෙහිදී සිය ස්තූතිය පුද කර ඇත.​ජාත්‍යන්තර මට්ටමින් රට වෙනුවෙන් කීර්තියක් දිනා දීම ජීවිතයේ ලැබූ විශිෂ්ටතම භාග්‍යයක් බව ඔහු පවසා තිබේ. තවදුරටත් තරග බිමේ රැඳී සිටීමට ශක්තිය තිබියදී මෙසේ සමුගැනීමට සිදුවීම කණගාටුවට කරුණක් වන අතර, මෙම තීරණය පිටුපස ඇති හේතු සහ රටේ මලල ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉදිරියේදී හෙළි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,262

Leave A Reply

Your email address will not be published. Required fields are marked *