මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවක “කුමන්ත්‍රණය” යන චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.අදාළ චෝදනාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මෙම පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නිශ්ප්‍රේභ කිරීම සිදුකරනු ලැබීය.අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ලබා දීමට පියවර ගෙන තිබුණි.



























