කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුවක් යළිත් කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ. ඇප මත මුදා හැර සිටින විත්තිකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ ප්‍රධාන ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්, සාක්ෂි විභාගය ඉදිරි දිනයකට කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.



























