යෝෂිත රාජපක්ෂට එරෙහි විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (14) තීන්දු කළේය. විත්තිය විසින් ඉදිරිපත් කළ එම කරුණු පදනම් විරහිත බව සඳහන් කළ විනිසුරුවරයා, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අදාළ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව අවධාරණය කළේය.​මෙම තීන්දුවෙන් අනතුරුව විවෘත අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ මහතාට අදාළ චෝදනා පත්‍ර කියවා දීම සිදු කෙරුණු අතර, එහිදී තමන් නිවැරදිකරු බව ඔහු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම නඩුවට අදාළ සාක්ෂි විභාගය නිල වශයෙන් ආරම්භ කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.​මේ අතර, සංචාරක වීසා මත මෙරටට පැමිණ අන්තර්ජාලය හරහා විවිධ මූල්‍ය ජාවාරම්වල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 49 දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කළේය. කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, මැලේසියානු සහ කාම්බෝජ ජාතිකයන් සිටින බව පොලිසිය අනාවරණය කළේය.​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව වලංගු වීසා බලපත්‍ර නොතිබූ බවත්, විමර්ශන සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක සහ මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් අධිකරණයේදී ප්‍රකාශ විය. කාම්බෝජයේ සිට මෙරටට පැමිණ ඇති මෙම පිරිස සිදුකළ ජාවාරම් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 1,140

Leave A Reply

Your email address will not be published. Required fields are marked *