රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විශේෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.​කෙසේ වෙතත්, ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත චෝදනා මොනවාද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කරුණු අනාවරණය වී නොමැත. අල්ලස් කොමිසම මගින් සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *