සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයන් ලෙස සැක කෙරෙන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නමැත්තා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු ඔහු රතු නිවේදන මත ඊයේ (10) දිනයේදී මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.පේරාදෙණිය පොලිස් වසම තුළදී 2014 වසරේ සිදු වූ පුද්ගල පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට සහ 2016 වසරේ වාර්තා වූ මිනීමැරුමකට අදාළව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු සඳහා මෙම සැකකරු නම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි.මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මොහු සමඟ දිවයිනට ළඟා වූ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.



























