රවී කරුණානායක මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් පිරිසක් පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට වන චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී අදාළ සැකය මත ඔහු අත්අඩංගුවට පත්වූ අතර, පසුව කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. මේ වන විට එම සිද්ධියට අදාළ අධිකරණ කටයුතු සහ නඩු විභාගය ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *