දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ හානි හේතුවෙන් මාස දකකට වැඩි කාලයක් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන ධාවන කටයුතු හෙට (02) සිට යළි ආරම්භ කෙරේ.පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බැවින්, පේරාදෙණිය සිට මහනුවර සහ මාතලේ දෙසට දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර තිබෙන අතර, මේ වන විට උඩරට මාර්ගයෙන් 75%ක පමණ ප්‍රදේශයක සාමාන්‍ය පරිදි දුම්රිය ක්‍රියාත්මක වේ.නව කාලසටහනට අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ බලා ධාවනය වන නගරාන්තර මගී ප්‍රවාහන දුම්රිය සහ ‘පොඩි මැණිකේ’ දුම්රිය ඇතුළුව දිනකට දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.



























