විදේශ ඇමති විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලය අද (28) ඇමතීමට නියමිතය.​අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ මෙම මහා මණ්ඩල සැසිවාරයේ ඉහළ පෙළේ විවාදය අද පැවැත්වෙන අතර, එහිදී අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. “විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර සැසියේ තේමාවයි.​මෙම සංචාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *