වසර 9කට පසු ඉතිහාසයේ පළමු වරට ජාතික තරුණ සේවා සභාව සඳහා නව නිලධාරීන් 194 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර ඇත. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තවත් නිලධාරීන් 35 දෙනෙකුට අභ්‍යන්තර උසස්වීම් ලබාදීම ද මෙහිදී සිදුවිය.මෙම නව පත්වීම් ලිපි ප්රදානෝත්සවය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණු අතර, ආයතනයේ ඉදිරි සේවා කටයුතු පුළුල් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.



























