රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.විවිධ රාජ්‍ය අංශවල පවතින පුරප්පාඩු සහ ක්ෂේත්‍රවල පවතින හදිසි අවශ්‍යතා සලකා බලා, විශ්‍රාම වයස් සීමාව ඉහළ නංවන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු වී ඇති බව ද ඔහු පැවසීය.මීට පෙර විශේෂඥ වෛද්‍යවරුන් සඳහා විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ පියවර ගත්තද, සමස්ත රාජ්‍ය සේවය සඳහාම එම වෙනස සිදු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරේ. කෙසේ වෙතත්, ඒ පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවක් රජය විසින් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.























