රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටි නිල් දිය පොකුණ වෙත මහජනතාවට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව ඇතැම් පුද්ගලයින් සංචාරකයින් එම ස්ථානයට රැගෙන යාම සහ සංචාර සංවිධානය කිරීම පිළිබඳව ලැබුණු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.ඒ අනුව, සංචාරකයින් සඳහා එම ස්ථානය විවෘත කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන තෙක් නිල් දිය පොකුණට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



























