රුසියානු තානාපති සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.​රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලයේ සභාපති වැලන්ටිනා මැට්වියෙන්කෝ මහත්මියගේ නිල ආරාධනාව මගින්, 2027 වසරේදී රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස තානාපතිවරයා විසින් කථානායකවරයාට ආරාධනා කරන ලදී.​මෙම යෝජිත සංචාරය හරහා දෙරටේ පාර්ලිමේන්තු සබඳතා සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *