මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි රෝහිත රාජපක්ෂ මහතා, එහිදී පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම පරිශ්‍රයෙන් පිටත්ව ගොස් තිබේ. නාරාහේන්පිට පිහිටි සංකීර්ණයේදී මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති අතර, අදාළ කටයුතු අවසන් වීමෙන් පසු ඒ මහතා එම ස්ථානයෙන් නික්ම ගිය බව කොළඹින් වාර්තා වේ.



























