ලබන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාත 1%ත් 3%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පියවර ගෙන ඇත. මේ අනුව, මෙතෙක් පැවති 26%ක පොලී අනුපාතය 28% දක්වා වැඩි කිරීමට ඇතැම් බැංකු කටයුතු කර ඇති අතර, එම නව සංශෝධන පිළිබඳව කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබේ.මෙම පොලී අනුපාත සංශෝධනය සිදුවන්නේ දේශීය වශයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිතය සහ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති පසුබිමකය. මහ බැංකු වාර්තාවලට අනුව, මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් බැංකු වෙත ආපසු ගෙවීමට ඇති සමස්ත ණය මුදල රුපියල් මිලියන 194,105ක් දක්වා වර්ධනය වී ඇත.

























