සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී හිජාස්ගේ බිරිඳ සිහිවුණා – මුජිබර් රහුමාන්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මෑතක සිට නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණීම, තමන්ට අතීත සිදුවීමක් මතක් කර දීමට සමත් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය සහ එදා සිදු වූ සිදුවීම් අතර පැහැදිලි සමානකමක් දක්නට ලැබෙන බවයි.​ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය 2020 වසරේ අප්‍රේල් මාසයේ දිනෙක රාත්‍රී 9.00ට පමණ, එවකට රජය සමයේ අත්අඩංගුවට පත් වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ ගැබිනි බිරිඳගෙන් තමන් වෙත ලැබුණු දුරකථන ඇමතුම සහ ඉන් ඇති වූ සංවේදී අත්දැකීම, සුරේෂ් සලේ මහතාගේ බිරිඳගේ වත්මන් මාධ්‍ය හැසිරීමත් සමඟ යළිත් තමන්ට සිහිපත් වූ බවයි.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *